• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරය පිහිටුවීම සඳහා වූ ව්‍යාපෘතිය
- බෝගම්බර බන්ධනාගාරය, පල්ලේකැලේ ප්‍රතිස්ථාපනය කිරීම 2013 වසරේ සිදු කරන ලද අතර, ඒ සඳහා වූ සමස්ත සැලැස්මේ වූ කාර්යයන් අතුරින් මෙතෙක් නිම නොකළ හෝ ආරම්භ කර නොමැති අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන් රාශියක් තවදුරටත් සිදු කළ යුතුව තිබේ. ඒ අනුව බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ප්‍රතිස්ථාපනය කිරීමේ සැලැස්මේ ඇතුළත් මෙතෙක් සම්පූර්ණ කර නොමැති, ගොඩනැඟිලි, නිල නිවාස, රෝහල්, සනීපාරක්ෂක සහ උපයෝගිතා පහසුකම් පද්ධති, අභ්‍යන්තර මාර්ග යනාදී අත්‍යවශ්‍ය පහසුකම්, මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.