• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාරියපොළ රිමාන්ඩ් බන්ධනාගාරය වැඩිදියුණු කිරීම
- දෛනිකව රැඳවියන් 500ක් පමණ රඳවනු ලබන වාරියපොළ රිමාන්ඩ් බන්ධනාගාරයෙහි කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි උසාවි වෙත ඉදිරිපත් කළ යුතු සැකකරුවන් හා සිරකරුවන් රඳවා තබන අතර, මෙහි රැඳවියන් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, වාරියපොළ රිමාන්ඩ් බන්ධනාගාරය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සලස‍ා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.