• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම
- පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පුහුණු පාසල ලෙස කළුතර, කටුකුරුන්ද පුහුණු පාසල භාවිත කරනු ලබයි. මෙහි පුහුණුවීම්වලට ඇතුළත් අභියෝගාත්මක පුහුණුවීම්වලදී, ඇබ්සලින් කුලුනක් යොදා ගෙන ලණු හා කඹ ආධාරයෙන් ඉහළ සිට පහළට බැසීම හා කඳු තරණය කිරීම සිදු කරනු ලබයි. දැනට මේ සඳහා භාවිත කරන ඇබ්සලින් කුලුන වසර 31ක් පමණ පැරණි අතර, එහි දරා ගැනීමේ ශක්තිය හීන වී ඇති හෙයින් පුහුණුවීම්වලදී අනතුරු සිදුවීමට ඇති අවදානම සැලකිල්ලට ගෙන ඇතැම් අභියෝගාත්මක පුහුණුවීම් මේ වන විට නවතා දමා ඇත. එබැවින් නවීන පහසුකම්වලින් යුත් ඇබ්සලින් කුලුනක් කටුකුරුන්ද පුහුණු පාසල තුළ කඩිනමින් ඉදි කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.