• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'දියවර නෑයෝ' ජංගම සේවය හා කඩිනම් වාරිමාර්ග නඩත්තු වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වසර තුනකට අධික කාලයක් පැවැති නියඟය හේතුවෙන් පීඩාවට පත් ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු හා 2018/2019 මහ කන්නය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජලය ප්‍රමාණවත්ව සැපයීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව අබලන් වූ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම හා දීර්ඝකාලීනව වාරිමාර්ග පද්ධතිවල පවතින ගැටලු කඩිනමින් විසඳීම මඟින් වාරි පහසුකම් ව්‍යාප්ත කිරීමේ අරමුණින් 'දියවර නෑයෝ' නමින් ජංගම සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. ගොවි ජනතාවගේ ශ්‍රම දායකත්වය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහන සඳහා ගොවි ජනතාවගේ සහ මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු බලප්‍රදේශ තුළ ජංගම සේවා පැවැත්වීමටත්, වාරිමාර්ග පද්ධතිවල පවතින ගැටලු විසඳීම පිණිස කඩිනම් නඩත්තු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.