• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම
- පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් නිෂ්පාදනය කරනු ලබන විදුලිබලය මිල දී ගැනීමේදී මුහුණ දීමට සිදු වන දුෂ්කරතා මඟහරවා ගැනීමේ අරමුණින්, 2013 අංක 31 දරන පනත මඟින් සංශෝධිත 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම පිණිස කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.