• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නාමය, 'ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව' ලෙස සංශෝධනය කිරීම
- කොළඹ දිස්ත්‍රික්කයේ පහත් බිම් ප්‍රදේශ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා සුදුසු ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීම අරමුණු කරගනිමින් 1968 අංක 15 දරන පනත මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ (පහත් ඉඩම් ප්‍රදේශ) ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය ස්ථාපිත කෙරුණු අතර, 1982 අංක 52 දරන සංශෝධන පනත මඟින් එහි නාමය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස සංශෝධනය කෙරිණි. වර්තමානය වන විට එහි කටයුතු කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවී මුළු දිවයිනටම අදාළ වන පරිදි ක්‍රියාත්මක වන අතර එහි කටයුතු ඉඩම් ගොඩකිරීමට පමණක් සීමා නොවී රටේ සියලු සංවර්ධන කාර්යයන් සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දෙයි. ඒ අනුව, එහි නාමය 'ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව' ලෙස සංශෝධනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.