• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෛද්‍ය සැපයුම් අංශය සඳහා නවීන සහ වැඩි ධාරිතාවයකින් යුත් ගබඩා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- රජයේ සියලුම සෞඛ්‍ය සේවා ආයතනවලට අවශ්‍ය ඖෂධ, ශල්‍ය, රසායනාගාර හා විකිරණශීලී ඇතුළු සියලුම අයිතමයන් සැපයීම පිළිබඳ වගකීම මෙන්ම පෞද්ගලික වෛද්‍ය සායන ඇතුළු සියලුම පෞද්ගලික හා රජයේ රෝහල්වලට අන්තරායකර ඖෂධ සැපයීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මඟින් සිදු කරනු ලබයි. කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය සැපයුම් අංශය සතුව විශාල බඩු ගබඩා 30ක් හා බෙදා හැරීමේ ඒකක 06ක් පැවතියද වෛද්‍ය සේවාවන්හි මනා ක්‍රියාකාරිත්වය සඳහා එම අංශය සතුව ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවට හඳුනාගනු ලැබ ඇත. එබැවින් වැලිසර පිහිටි ශ්වසන රෝග සඳහා වූ ජාතික රෝහල් පරිශ්‍රයේ අක්කර 04ක භූමි ප්‍රමාණයක් තුළ ගබඩා පහසුකම් සඳහා ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 2,255ක ආයෝජනයක් සහිතව ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.