• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය හා ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි පර්චස් 27.24ක ඉඩම් කොටසක් වෙන් කර දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.