• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රක්තහීනතාවය අවම කරගැනීම සඳහා ප්‍රධාන ආහාර යකඩ සහ ‍‍ෆෝලික් අම්ලය යොදා සබලකරණය කිරීම
- යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති අතර, රක්තහීනතාවය හේතුවෙන් පුද්ගලයන් තුළ විඩාබර හා අලස බවක් ඇතිවීම තුළින් කාර්යක්ෂමතාවය අඩු කරයි. ගර්භණී මව්වරු හා පාසල් දරුවන් අතර රක්තහීනතාවය වළක්වා ගැනීම සඳහා යකඩ පෙති ලබා දීම මේ වන විටත් සිදු කරනු ලබයි. එසේම මෙයට පිළියමක් ලෙස, සුලභව භාවිත කරනු ලබන ආහාරවලට යකඩ එකතු කිරීම මඟින් රක්තහීනතාවය අඩුකර ගත හැකි බවට සොයා ගනු ලැබ ඇත. ඒ අනුව, සහල් හා තිරිඟු පිටිවලට යකඩ හා ෆෝලික් අම්ලය එකතු කර සබලකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා අදාළ අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.