• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ඩයලොග් ඇක්සියාටා - (ශ්‍රී ලංකා) ආයතනය විසින් යෝජිත කථන හා ශ්‍රවණ මධ්‍යස්ථානය සහ ජාතික පිළිකා නිවාරණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම
- ඩයලොග් ඇක්සියාටා පී.එල්.සී. මූල්‍ය අනුග්‍රහය ඇතිව සහ රජය විසින් සපයනු ලබන අරමුදල් යටතේ, රුපියල් මිලියන 146ක පිරිවැයකින්, ශ්‍රවණ හා කථන ආබාධ සහිත දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණ හඳුනාගැනීමට සහ ඔවුන් සඳහා ප්‍රතිකාර කිරීම පිණිස නවීන පහසුකම් සහිත විශේෂිත මධ්‍යස්ථානයක් සඳහා සහ පිළිකා නිවාරණය හා පිළිකා රෝග කලින් හඳුනාගැනීම සඳහා වන ජාතික පිළිකා නිවාරණ මධ්‍යස්ථානය සඳහා නාරාහේන්පිට ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කර ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.