• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුළු පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන සැලසීම
- මීට පෙර ලබා ගෙන ඇති ණය මුදල් ගෙවා ගත නොහැකි වීම නිසා තම ව්‍යාපාරවල දෛනික අරමුදල් අවශ්‍යතා සපුරාගැනීමට බැංකු මඟින් අරමුදල් සලසා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව තිබේ. එබැවින් බැංකු ණය ආපසු ගෙවීමට ‍අපොහොසත් වූ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ණය පහසුකම් සලසා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.