• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උෂ්ණත්ව පාලක ගබඩා පහසුකමක් දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපනය කිරීම
- පලතුරු, එළවළු, ළූණු වැනි ‍භෝගවල මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමට හා සාධාරණ මිලක් යටතේ අහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට පාරිභෝගිකයාට හැකියාව සැලසෙන පරිදි, පසු අස්වනු හානිය වළක්වමින් ගොවි නිෂ්පාදන දිගු කාලයක් නැවුම්ව ගබඩා කර තබා ගත හැකි උෂ්ණත්වය පාලනය කිරීමේ පහසුකම් සහිත ගබඩා පහසුකමක් දඹුල්ලේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ගබඩා පහසුකම් ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.