• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය ප්‍රතිස්ථාපනය කිරීම
- කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටා තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය කොළඹ මහානගර සැලැස්ම අනුව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා මේ වන විටත් තීරණය කරනු ලැබ ඇති අතර නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි බේකරියවත්ත නමැති ඉඩමේ අක්කරයක පමණ රජයට අයත් බිම් කොටසක එම ඒකකය ප්‍රතිස්ථාපනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.