• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නියඟයෙන් හානියට පත් වූ දිස්ත්‍රික්කවල වෙසෙන කාන්තාවන්ට ලබා දෙන ලද ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා වූ ණය සහන
- කාන්තාවන් සඳහා ගෙයින් ගෙට යමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලබා දෙන ණය සඳහා සියයට 40 සිට 220 දක්වා වාර්ෂික පොලියක් අය කරනු ලැබේ. වැඩි අවදානමක් සහිත ආර්ථික ක්‍රියාකාරකම් සහ පරිභෝජනය උදෙසා ලබා දෙන මෙම ණය හේතුවෙන් ග්‍රාමීය මට්ටමේ ණයලාභීන් ණය උගුලක සිරවී ඇති අතර, එය මේ වන විට බරපතල අර්බුදයක් බවට පත් වී තිබේ. මෙයට වැඩි වශයෙන් මුහුණ දී ඇති නියඟයෙන් හානියට පත් වූ දිස්ත්‍රික්කවල ක‍ාන්තාවන් එකී ණයගැති භාවයෙන් මුදවා ගැනීම සඳහා 'ව්‍යවසාය ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව ණය සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.