• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වන මහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම
- ආසියා ශාන්තිකර කලාපය තුළ දියුණු සහ නවීන විද්‍යුත් මාධ්‍ය පරිසරයක් ඇති කර ගැනීමේ අරමුණ ඇතිව ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනය පිහිටුවා ඇති අතර, එම ආයතනය එහි සාමාජික රටවල මාධ්‍ය උපදේශන ආයතනක් ලෙස ද කටයුතු කරයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 1982 වර්ෂයේ සිට මෙම ආයතනයේ පූර්ණ සාමාජිකත්වය දරන අතර, එහි තාක්ෂණික හා පුහුණු අවස්ථා ප්‍රතිලාභ ලබා ගනී. මෙම සමුළුවේ 17 වන මහ සමුළුව 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත්, එහි සත්කාරක ආයතනය ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් කටයුතු කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.