• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය සේවාවන් සඳහා වන වියදම්, එකතුකළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීම
- 2016 අංක 20 දරන එකතු කළ අගය මත බදු පනත මඟින් වෛද්‍ය උපදේශන ගාස්තු, රෝහල් කාමර ගාස්තු, චැනල් ගාස්තු සහ වෛද්‍ය වෘත්තිකයින්ට ගෙවන ගාස්තු යන සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාළව එකතු කළ අගය මත බදු පනවන ලද අතර රෝහල් කාමර ගාස්තු හැර අනෙකුත් සෞඛ්‍ය සේවාවන් මත පනවා තිබූ එකතුකළ අගය මත බද්ද 2018 ජූලි මස 02 දින සිට ඉවත් කිරීමට තීරණය කරන ලදී. එම කාර්යය සඳහා නිකුත් කරනු ලැබ ඇති, අංක 2078/6 දරන 2018 07-02 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනය, 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනතෙහි විධිවිධාන යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.