• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර හා කිළිනොච්චි අධිකරණ සංකීර්ණ ඉදි කිරීම
- රත්නපුර දිස්ත්‍රික්කයේ අධිකරණ කටයුතුවල පවතින තදබදය, එහි දැනට පවතින ගොඩනැඟිලිවල ස්වභාවය හා නායයෑමේ අවදානම හේතුවෙන් රත්නපුර අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට අවධානය යොමු වී ඇත. එමෙන්ම කිලිනොච්චි අධිකරණ සංකීර්ණයද ප්‍රමාණවත් යටිතල පහසුකම් සහිතව පුළුල් කළ යුතුව ඇති බව හඳුනාගනු ලැබ ඇත. මේ අනුව රත්නපුර හා කිලිනොච්චි අධිකරණ සංකීර්ණ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.