• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ විදුලි රැහැන් පද්ධතිය නවීකරණය කිරීම
- රජයේ විවිධ ආයතන සඳහා අවශ්‍ය විශේෂ ආකාරයේ යාන්ත්‍රික කටයුතු සඳහා සේවා සලසන රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සඳහා විදුලිබලය ලබාගැනීමට දැනට භාවිතා කරනු ලබන භූගත අඩු වෝල්ටීයතා විදුලි රැහැන් පද්ධතිය නවීකරණය කළ යුතුව ඇත. රුපියල් මිලියන 34.6ක පිරිවැයක් දරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.