• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන
- හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ කොළඹ 'බී' ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම, කොළොන්නාව සහ කොළඹ 'සී' උපපොළවල් අතර ඇති කේබලයෙන් විදුලිය ලබාගනීමේ සහ පිට කිරීමේ සම්බන්ධතාවය පිහිටුවීම සහ කොළොන්නාව සහ කොළඹ 'සී' උපපොළවල් වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,260.78ක මුදලකට M/s. Hyosung Corporation වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.