• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්යය අධ්‍යයන ආයතනයේ පහසුකම් වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්යය අධ්‍යයන ආයතනය, සංගීත හා නැටුම් විෂය ක්ෂේත්‍රයන්ට අමතරව නාට්‍ය හා රංගකලාව සහ රූපණ හා ශිල්ප කලා ආදී පාඨමාලාවන්ද හැදෑරීමට හැකිවන පරිදි එහි අධ්‍යයන කටයුතු පුළුල් කිරීමට කටයුතු කරනු ලැබ ඇත. එබැවින් එම ආයතනය සතු පහසුකම් වර්තමාන පාඨමාලාවන්ට හා අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ඉහළ නැංවීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්යය අධ්‍යයන ආයතනයේ ශ්‍රවණාගාරය නවීකරණය කිරීම, ශ්‍රව්‍ය හා වීඩියෝ පටිගත කිරීමේ සහ සංස්කරණ පහසුකම්වලින් සමන්විත ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම හා ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දෙමින් වැඩිදියුණු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ඉන්දියානු රජයේ මුල්‍යාධාරයක් ලෙස ලැබෙන රුපියල් මිලියන 275ක් සහ රජයේ රුපියල් මිලියන 60.7ක සමස්ත ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.