• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය රේල් පීලි 5000ක් ප්‍රසම්පාදනය කිරීම
- දුම්රිය මාර්ග පද්ධතිය සඳහා අවශ්‍ය EN 45 E1 වර්ගයේ පීලි 5000ක සංඛ්‍යාවක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදලකට M/s. Angang Group International Panzhimua Co. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.