• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා රත්මලාන ගුවන් තොටුපළ සඳහා සන්නිවේදන පද්ධතියක් සැපයීම, සවිකිරීම හා ක්‍රියාත්මක කිරීම
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා රත්මලාන ගුවන් තොටුපළේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා සන්නිවේදන පද්ධතියක් සැපයීම, සවිකිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යුරෝ මිලියන 1.7ක හා රුපියල් මිලියන 6ක මුදලකට M/s. SITTI S.P.A. වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.