• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සඳහා තොරතුරු තාක්ෂණ යෙදවුම් පද්ධතියක් ස්ථාපනය කිරීම
- සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීම සහ ඉහළ තරගකාරි වෙළඳ පොළ පරිසරයක් පවත්වා ගනිමින් වඩාත් ගුණාත්මක රක්ෂණ සේවා සැපයීමේ අපේක්ෂාවෙන්, ජීවිත රක්ෂණ කටයුතු සහ සාමාන්‍ය රක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීම පිණිස තොරතුරු තාක්ෂණය මත පදනම් වූ රක්ෂණ පද්ධති දෙකක් ප්‍රසම්පාදනය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අලුතින් ආරම්භ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.