• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිල්වලා ගංගා ද්‍රෝණිය සංරක්ෂණය කිරීම
- මාතර දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන කොටපොළ සහ පිටබැද්දර ප්‍රදේශ නිරන්තර ගංවතුර තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වන ප්‍රදේශ වේ. ගංවතුර තත්ත්වයන් හේතුවෙන් සිදුවන ජීවිත හා දේපල හානිවලට අමතරව නිල්වලා ග‍ඟේ ඉවුරුවලට, ගඟ හරහා ඉදි කර ඇති පාලම්වලට සහ ගඟට සමාන්තරව දිවෙන මාර්ගවලටද හානි සිදු වේ. මෙම හානි අවම කරගැනීම පිණිස, නිල්වලා ගංඉවුර පිළිසකර කිරීම සහ ඉවුරුවල මී, කුඹුක් වැනි රුක් රෝපණය කිරීම මඟින් සංවර්ධනය කර සංරක්ෂණය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 62ක ආයෝජනයක් සහිතව පිටබැද්දර සිට කොටපොළ දක්වා නිල්වගා ගංඟා ද්‍රෝණිය වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේද සහාය ඇතිව සංරක්ෂණය කිරීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.