• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා 'ව්‍යවසාය ශ්‍රී ලංකා' සහ 'ගම්පෙරළිය' ජාතික වැඩසටහන් උපයෝගි කරගැනීම
- නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආදර්ශ ගම්මාන වැඩසටහන හරහා අඩු අදායම්ලාභී ජනතාවට නිවසක හිමිකම ලබා දීමට අමතරව ඔවුන්ගේ අනාගතය ගොඩනැංවීම සඳහා විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලැබේ. ආදර්ශ ගම්මාන, ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා යොදාගත හැකි වන පරිදි ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන සැලසුම් සකස් කිරීමටත් එම ගම්මානවල සෑම ප්‍රතිලාභියෙකුටම ජීවනෝපාය මාර්ගයක් තහවුරු වන පරිදි 'ව්‍යවසාය ශ්‍රී ලංකා' සහ 'ගම්පෙරළිය' ජාතික වැඩසටහන් දියත් කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.