• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා රබර් වතුහිමියන් සවිබල ගැන්වීම
- පසුගිය කාලය තුළ ජාත්‍යන්තර වෙළඳ පොළෙහි ස්වාභාවික රබර් මිල පහත වැටීම හේතුවෙන් දේශීය ස්වාභාවික රබර් නිෂ්පාදනය පහත වැටී ඇත. මේ හේතුවෙන් 130,000ක් පමණ වන කුඩා රබර් වතුහිමියන් ආරක්ෂා කරගැනීමටත්, ඔවුන් රබර් වගා ක්ෂේත්‍රය තුළ තවදුරටත් රඳවා ගැනීමටත් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුව ඇත. ඒ අනුව, නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීමට උපකාරී වන, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් නිෂ්පාදනය කර වැඩිදියුණු කරන ලද උපකරණ හා ආම්පන්න සහිත රුපියල් 5,000/-ක් පමණ වටිනා උපකරණ කට්ටලය බැගින්, 'තුරු සවිය' සමිති සාමාජිකයින් 10,000ක් වෙත 2018-2019 දෙවර්ෂය තුළ ලබා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.