• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික විපර්යාසයන්ට අනුගත වන කෘෂි - වාරි සංවර්ධන ව්‍යාපෘතිය (2018-2024)
- කුඩා වැව්, ඇනිකට් හා ඇළ මාර්ගවලින් සමන්විත සුළු වාරිමාර්ගයන්ගෙන් විශාල කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන අතර, සැලකිය යුතු ගොවි පවුල් ප්‍රමාණයක් මෙමඟින් තම ජී‍වනෝපාය සලසා ගනු ලැබේ. සුළු වාරිමාර්ග මඟින් වගා කෙරෙන මෙම කුඹුරු ඉඩම් දේශගුණික විපර්යාසයන්හි බලපෑමට ඉතා පහසුවෙන් ලක්විය හැකි බැවින්, වියළි කලාපීය දිස්ත්‍රික්ක 11ක් පුරා විසිරී පවතින සම්පූර්ණ එල්ලංගා පද්ධති 53ක් යටතේ ඇති කුඩා වැව් 789ක් දේශගුණික විපර්යාසයන්හි බලපෑමට ඔරොත්තු දෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හඳුනා‍ගෙන තිබේ. ඒ අනුව, එම වැව් මඟින් වගා කෙරෙන වගා බිම්වල ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 140ක මුළු ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක්, 2018-2024 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු අරමුදල් සහායද සහිතව ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.