• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීම
- මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම පිණිස මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිලි ප්‍රතිස්ථාපනය කිරීම පිණිස සිව්මහල් හා සත්මහල් ගොඩනැඟිලි දෙකක් ඉදි කිරීමට සහ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණෙන වන්දනාකරුවන් සඳහා රථගාලක් ඉදි කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 1,460ක අරමුදල් සපයා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.