• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිඔය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් සඳහා නව නිවාස ඉදි කිරීමේ වැඩසටහන
- වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැළඹවැව, මායාවැව, සපුමල්තැන්න, ගජබාපුර, හංසවිල හා නාමල්පුර යන ගම්මානවල ජීවත්ව ගැටුම් හේතුවෙන් අවතැන් වූ පවුල් 1,000කගේ නිවාස ගැටලුව විසඳීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය යටතේ නිවාස 1,084ක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර, ඉන් නිවාස 994ක වැඩ අවසන් කර ඇත. මේ වන විට ඉතිරි නිවාස 90හි වැඩ නිම කෙ‍ෙරමින් පවතියි. එම ගම්මානවල ජීවත්ව සිට ගැටුම් හේතුවෙන් එම ප්‍රදේශ හැර ගිය තවත් පවුල් 256ක් නැවත ගම්බිම් වෙත පැමිණ අඩු පහසුකම් යටතේ තාවකාලික නිවාසවල පදිංචිව සිටින අතර සිය නිවාස ඉදි කරගැනීමට සහාය ලබා දෙන ලෙස ඔවුන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඔවුන් සඳහාද ඉහත නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදි කර දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.