• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික උපදේශකත්වය ලබාගැනීම
- උසස් තත්ත්වයේ දේශීය නිෂ්පාදන රට තුළ අලෙවි කිරීම සඳහා වන ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහනක් 'එකම රටක් එකම නිෂ්පාදනයක්' (OTOT - One Tambon. One Product) ලෙස තායිලන්තය තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබයි. මෙරට සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සඳහා වන සවිබලගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී තායිලන්තයේ ක්‍රියාත්මක වන එම වැඩසටහන තුළින් තාක්ෂණික උපදේශකත්වය ලබාගැනීම සඳහා තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තායිලන්ත ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාවේ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.