• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේ තොග අපනයනය මත ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීම
- වර්තමානයේදී තේ තොග අපනයනය මත සෙස් බදු ගණනය කිරීමක් සිදු වන අතර, ඒ අනුව, කිලෝග්‍රෑමයකට රුපියල් 10/-ක් හෝ කොළඹ තේ වෙන්දේසියේ සාමාන්‍ය මිල ගණන්වලින් 2.5%ක් ලෙස හෝ යන දෙකෙන් වැඩි අගය සැලකිල්ලට ගෙන, මාසික පදනමකින් එම ගණනය කිරීම සිදු කෙරේ. මේ වන විට තේ අපනයනකරුවන් විසින් තේ කිලෝග්‍රෑමයකට ගෙවනු ලබන සෙස් බදු ගාස්තුව රුපියල් 20/-ක් පමණ වන අතර, එය මාසික පදනමකින් ගණනය කිරීම මත තොග මිල කලින් නිශ්චය කිරීමට අපහසු වීම, අපනයන මිල ගණන් ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම වැනි විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට තේ අපනයනකරුවන්ට සිදුව ඇත. ඒ අනුව, මීට පිළියමක් ලෙස තේ තොග අපනයනය සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 10/-ක ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.