• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සහයෝගිතාවෙන් යුතුව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම, දන්ත සෞඛ්‍ය සත්කාර, රෝහල්වල වෛද්‍ය උපකරණ හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ජාන විද්‍යාව, රුධිර ප්ලාස්ම භාගීකරණය, චිකිත්සාවන්, වෛද්‍ය හා සෞඛ්‍ය සත්කාරක අධ්‍යාපනය සහ බෝ නොවන රෝග යනාදී සෞඛ්‍යමය ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ෆින්ලන්ත ජනරජයේ සමාජ කටයුතු හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.