• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය පිළිබඳ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම
- මහජන සෞඛ්‍ය, හෙද අධ්‍යාපනය, පාරිසරික හා වෘත්තීයමය සෞඛ්‍ය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා පරිපාලනය, ප්‍රජා සෞඛ්‍ය, ග්‍රාමීය හා නාගරික සෞඛ්‍ය කළමනාකරණය, සෞඛ්‍ය සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම, දේශගුණ විපර්යාසය හා ආපදා කළමනාකරණය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම යනාදි සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ බංග්ලාදේශයේ සීමාසහිත කළමනාකරණ හා පුහුණු ජාත්‍යන්තර ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.