• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 අයවැය පිළියෙල කිරීම සඳහා වන සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුව
- කාර්යසාධනය මත පදනම් වූ අයවැයකරණ (Performance Based Budgeting - PBB) ක්‍රමවේදය අනුගමනය කරමින් 2019 වර්ෂය සඳහා වන ජාතික අයවැය සකස් කිරීමට සැලසුම් කර තිබේ. මෙහිදී 2021 වර්ෂය වන විට ළඟා කරගැනීමට නියමිත රජයේ සමස්ත රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ වැඩසටහන යටතේ සපුරා ගැනීමට අපේක්ෂිත, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17 දක්වා රාජ්‍ය ආදායම වැඩි කරගැනීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක මට්ටමකින් රජයේ පුනරාවර්තන වියදම පවත්වා ගෙන යාම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.5ක මට්ටමක රාජ්‍ය ආයෝජන පවත්වා ගැනීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5කට අයවැය හිඟය සීමා කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70ක‍ට වඩා අඩු මට්ටමකින් රජයේ ණය පවත්වා ගෙන යාම යන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට හැකි වන පරිදි ජාතික අයවැය සකස් කිරීමට අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව, රජයේ මධ්‍යකාලීන සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හඳුනාගෙන ඇති ඉලක්කයන් සපුරා ගැනීම සඳහා රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘති හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන රේඛීය අමාත්‍යාංශ වෙත වෙන් කර ලීම මඟින් 2019 වර්ෂය සඳහා ජාතික අයවැය පිළියෙල කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.