• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ දුම්රිය පාලක මධ්‍යස්ථානය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදි කිරීම
- කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය සේවාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක වන දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) යටතේ කොළඹ දුම්රිය පාලක මධ්‍යස්ථානය (CTCC) සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය (ROHQ) ඉදි කිරීමට සහ ඒවායේ තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති මරදාන ප්‍රදේශයේ පිහිටි අක්කර 01 රූඩ් 02ක භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත වෙන් කරවාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.