• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ඉඩම් සඳහා ඉඩම් දීමනා පත්‍ර නිකුත් කිරීමේ කඩිනම් වැඩසටහන
- ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජය විසින් මේ දක්වා ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ඉඩම් බලපත්‍ර දහසය ලක්ෂයකට අධික සංඛ්‍යාවක් නිකුත් කරනු ලැබ ඇති අතර, එයින් බලපත්‍ර 930,082 ඉඩම් දීමනා පත්‍ර බවට පත් කර තිබේ. එසේ වුවද, බලපත්‍ර නිකුත් කර ඇති තවත් ඉඩම් කැබලි 700,000කට පමණ සහ ජයභූමි දීමනා පත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම් කොටස් 436,992කට පමණ ඉඩම් දීමනා පත්‍ර නිකුත් කළ යුතුව ඇති අතර, ඒ සඳහා එම ඉඩම් කැබලි මැනීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, ඉඩම් කැබලි එකොළොස් ලක්ෂයක් සඳහා ඉඩම් දීමනා පත්‍ර ලබා දීම පිණිස කඩිනම් වැඩසටහනක් 2019-2020 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.