• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සහස්‍ර අභියෝග සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රදානය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම
- ආර්ථික වර්ධනය තුළින් දිළිඳුකම පිටුදැකීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරනු ලබන සහස්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) වැඩපිළිවෙල යටතේ ප්‍රදානය කරනු ලබන ආධාර උපයෝජනය පිළිබඳව කටයුතු කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන ව්‍යාපෘති කාර්යාලය විසින් කරනු ලැබේ. එහි සම්බන්ධීකරණය යටතේ ඉඩම් පරිපාලනය, ප්‍රවාහන, කෘෂිකාර්මික සැපයුම, විදුලිබල හා බලශක්ති යනාදී ක්ෂේත්‍රවල සංවර්ධනය, උසස් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම සහ පෑලියගොඩ සිට මාලඹේ දක්වා කුලුනු මතින් දිවෙන මහා මාර්ගයක් ඉදි කිරීම යන ව්‍යාපෘති මේ යටතේ සිදු කිරීමට නියමිතය. එකී ව්‍යාපෘති අතුරින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘතිය සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලිය සඳහා වන ව්‍යාපෘතිය සඳහා ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 450 - 500 පමණ ප්‍රදාන ලබාගැනීමට අපේක්ෂා කරනු ලබන බවටත් ඇමරිකා එක්සත් ජනපදයේ සහස්‍ර අභියෝග සංස්ථාවේ ප්‍රධාන ආයෝජනවල වර්තමාන තත්වය පිළිබඳවත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල‍ සටහන අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.