• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම
- මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක් ආවරණය වන පරිදි සනීපාරක්ෂක ඒකක 3,400ක් ඉදි කිරීම සඳහා යෝජනා වී ඇත. මේ සඳහා වැයවෙතැයි අපේක්ෂිත රුපියල් මිලියන 300ක මුදල ලබාදීම සඳහා ඉන්දියානු රජය විසින් එකඟතාවය පල කර ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හරහා එම ප්‍රදේශයන්හි සෞඛ්‍ය ගැටලු සහ දරිද්‍රතා මට්ටම අවම කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සකස් කරන ලද අවබෝධතා ගිවිසුම සඳහා එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.