• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රුහුණු විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යන උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 2,384.7ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.