• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය සහ බංග්ලාදේශයේ චිතගොං වරාය අතර බහාලුම් නැව් පෝෂක සේවාවක් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර නාවික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ස‌බඳතා ශක්තිමත් කරගැනීම පිණිස‍ දෙරටෙහි නැව් සංස්ථා අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගනු ලැබ තිබේ. බංග්ලාදේශය සතුව ඇති ප්‍රධානතම වරාය වන චිතගොං වරායෙහි පවතින සීමිත පහසුකම් හේතුවෙන් සහ නොගැඹුරු බව හේතුවෙන් ප්‍රධාන නාවික සේවාවල යාත්‍රාවන් එම වරායට නොපැමිණේ. එබැවින් බංග්ලාදේශයේ ආනයන හා අපනයන නාවික භාණ්ඩ බොහොමයක් සිංගප්පූරු, කොළඹ හා මැලේසියානු වරායන් හරහා පොදු පෝෂක බහාලුම් ප්‍රවාහන යාත්‍රා මඟින් ප්‍රවාහනය කෙරේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දැනටමත් එළඹ ඇති ගිවිසුම හේතුවෙන් සෙසු රටවලට සාපේක්ෂව පෝෂක ප්‍රවාහන සේවාව සඳහා ශ්‍රී ලංකා නැව් සංස්ථාව වෙත ප්‍රමුඛත්වයක් හිමි වී තිබෙන බැවින් ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචිවූ නෞකාවක් සේවයේ යෙදවීම මඟින් ඉහත ගිවිසුමේ ප්‍රතිලාභ අත්පත් කරගැනීම සඳහා ඒකාබද්ධ හවුල්කාරිත්ව පදනම යටතේ සුදුසු පාර්ශ්වකරුවෙකු තෝරාගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.