• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඝන මීටර් 1,500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම
- ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත, ඝණ මීටර 1,500ක ධාරිතාවයක් සහිත ජල කුළුණක් සහ සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ ප්‍රධාන නළය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Finite Lanka (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.