• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීම
- උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා ගඩොලින් හා සිමෙන්ති බදාමවලින් බැඳි සාම්ප්‍රදායික ස්ථිර නිවාස ලබා දීමේ වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ සහ ව්‍යාපෘති කමිටුවේ නිර්දේශය පරිදි, නිවාස ඒකකයක් රුපියල් මිලියන 1.25ක බදු රහිත මුදලකට නිවාස ඒකක 25,000ක්, මෙම ව්‍යාපෘතියෙහි I වන අදියර යටතේ උතුරු හා නැ‍ඟෙනහිර පළාත්හි ඉදි කිරීමටත්, එයින් නිවාස 15,000ක්, 2018 වර්ෂයේදී ආරම්භ කර මාස 08ක කාලයක් තුළ සම්පූර්ණ කිරීමට හා ඉතිරි නිවාස 10,000ක ඉදි කිරීමේ කටයුතු 2019 වසරේදී අවසන් කිරීමටත්, මෙම නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති පිළිබඳ කාර්යාලය (UNOPS) හා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN-Habitat) ප්‍රධාන කොටගත් ආයතන සමූහය සමඟ ගිවිසුමකට එළඹීමටත් පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.