• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීම සහ මැණික් කුලුන ඉදි කිරීම
- රත්නපුර නගරය තුළ මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තයට අවශ්‍ය කරන සියලුම සේවාවන් එකම ස්ථානයකින් කාර්යක්ෂමව සපයා ගැනීම සඳහා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ගැණුම්කරුවන් ආකර්ශනය කරගැනීම සඳහා විශේෂිත වූ මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීමට සහ මැණික් කුලුනක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව රත්නපුර, දෙමුවාවත වීදියේ පර්චස් 22කින් යුත් ලයිමෙවත්ත ඉ‍ඩමේ මැණික් කුලුනක් ලෙස සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් එම කුලුන තුළ ව්‍යාපාරික ස්ථාන, මැණික් රසායනාගාරයක්, බැංකු පහසුකම්, අපනයන පහසුකම් හා රේගු පහසුකම් ස්ථාපිත කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.