• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුලී නිවාස වෙළඳපොළෙහි නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම
- නාගරීකරණය හේතුවෙන් නගරයට සංක්‍රමණය වන අයවළුන්ට, රැකියා කරන්නන් සහ තරුණ පවුල් වෙත දැරිය හැකි මිලකට කුලී නිවාස ලබා දීමේ අවශ්‍යතාවය සලකා බලා කුලී නිවාස වෙළඳ පොළෙහි කටයුතු වඩාත් ප්‍රශස්තව සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එම කමිටුවේ නිර්දේශ පරිදි කුලී නිවාස වෙළඳ පොළ නියාමනය, කුලී නිවාස සැපයීම ඉහළ නැංවීම සහ කාන්තාවන් හා වැඩිහිටියන් සඳහා දැරිය හැකි මිලකට කුලී නිවාස නිර්මාණය කිරීම යනාදී කරුණු කෙරෙහි සැලකිල්ල යොමු කරමින් කුලී නිවාස වෙළඳ පොළෙහි නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.