• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම
- රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, දීර්ඝ කාලයක් තිස්සේ රජයේ සංවර්ධන කාර්යයන්වලට හා රජයේ විවිධ ආයතනවලට අවශ්‍ය වන යාන්ත්‍රික, ඉංජිනේරු වැඩ හා පිරිසැකසුම් කටයුතු ඉතා ඉහළ ගුණත්වයකින් යුතුව සිදු කිරීම පිළිබඳව ප්‍රවීණතාවක් උසුළන දෙපාර්තමේන්තුවකි. එම දෙපාර්තමේන්තුව තවදුරටත් මූල්‍ය ස්වාධීනත්වයකින් යුත් ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට හැකි වන පරිදි ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා නිර්දේශ ලබාගැනීම පිණිස කමිටුවක් පත් කිරීමටත්, යෝජිත ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යයන් අවසන් වන තෙක් රාජ්‍ය අංශයේ ආයතනවලට අවශ්‍ය වන යාන්ත්‍රික, ඉංජිනේරු වැඩ හා පිරිසැකසුම් කටයුතු ඍජු කොන්ත්‍රාත් පදනම යටතේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව වෙතින් ඉටු කරවා ගැනීම සඳහා බලය ලබා දීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.