• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමෘද්ධි ප්‍රතිලාභීන් ජීවත්වන දුෂ්කර ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- දුෂ්කර ගම්මානවල ජීවත්වන සමෘද්ධි ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙ‍රුණද ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳ පොළට රැගෙන ඒම සඳහා ප්‍රමාණවත් ප්‍රවේශ පහසුකම් නොමැති වීම, වගා කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම්වල පවතින සීමා, අලෙවි පහසුකම් සඳහා අවශ්‍ය ස්ථාන නොමැති වීම, තාක්ෂණික පහසුකම් ලබාගැනීම සඳහා සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා සේවා මධ්‍යස්ථාන නොමැති වීම, යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති වීම යනාදී කරුණු හේතුවෙන් එකී වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වී ඇති බව පෙනී ගොස් තිබේ.
එම තත්ත්වයට පිළියමක් ලෙස, උතුරු, නැ‍ඟෙනහිර හා කඳුකර ප්‍රදේශවල මෙන්ම අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල හා හම්බන්තොට වැනි දරිද්‍රතාව ඉහළ මට්ටමක පවතින දිස්ත්‍රික්කවල පිහිටි දුෂ්කර ගම්මානවල එවැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.