• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිරත පෞද්ගලික අංශයට පහසුකම් සැලසීම
- කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ඉහළ ඵලදායීතාවකින් කටයුතු කිරීමට හා කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ගෝලීය ව්‍යාපාරික පරිසරය තුළ සාර්ථකව කටයුතු කිරීමට මෙන්ම ඉහළ ප්‍රමිතියකින් යුත් කෘෂි නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් කිරීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියුතු පෞද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අන්තර් අමාත්‍යාංශයීය සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.