• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම
- ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ප්‍රාදේශීය කර්මාන්තපුර පිහිටුවා ඇති අතර, ඒවායේ කර්මාන්තශාලා ආරම්භ කිරීමට අපේක්ෂිත ආයෝජකයින් තෝරාගැනීම, ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව හා අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව මඟින් සිදු කෙරෙයි. එකී කමිටුවල නිර්දේශ පරිදි තෝරාගත් ආයෝජකයින්ට, එම කර්මාන්තවලින් බිහිවන ඍජු රැකියා අවස්ථා සහ රුපියල් බිලියන 4කට අධික ආයෝජනය සලකා, වසර 35ක බදු පදනම යටතේ පුත්තලම, නුරානි, බට-අත, නාලන්ද, නාලන්ද එල්ලාවල, ලක්ෂ උයන, රයිගම්පුර, මිල්ලෑව යන කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.