• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර ජල සංගමයේ (IWA) 2019 ජල හා සංවර්ධන සමුළුව සහ ජල සුරක්ෂිතතාව සඳහා තිරසර විසඳුම් පිළිබඳ ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වීම
- ජාත්‍යන්තර ජල සංගමය විසින් සෑම වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබන ජල හා සංවර්ධන සමුළුව හා ප්‍රදර්ශනය 2019 වර්ෂයේදී කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම සමුළුව මෙරට පැවැත්වීම තුළින් මෙම ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්, ජල හා පාරිසරික වෘත්තිකයින්, ඉංජිනේරුවන්, රසායනඥයින්, නියාමකයින් සහ ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අත්කර ගත හැකි ප්‍රතිලාභ හා එමඟින් සැලසෙන සේවය සැලකිල්ලට ගෙන, 2019 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට යෝජිත ඉහත සඳහන් ජාත්‍යන්තර සමුළුව හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.