• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාව සඳහා සහායවීමට අවශ්‍ය කාර්යරාමුවක් සංවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සැලසීම
- ශක්තිමත් රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා වැඩසටහනක් මඟින් ඍජු විදේශ ආයෝජන ආකර්ශණය කරගනිමින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාවය පිළිබඳ නියෝජ්‍යායතනය (NAPPP) පිහිටුවනු ලැබ ඇත. එම ආයතනය විසින් මේ වන විට රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා ව්‍යාපෘති 35ක් පමණ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනා ගනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා වැඩසටහනට සහාය වීම පිණිස ලෝක බැංකු අරමුදල් යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.